1975 වසරේ පැවති පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට වන්නේ එංගලන්තයයි.
මෙම තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ ප්‍රඩෙන්ෂන් ඇෂුවරන්ස් සමාගම වන අතර,තරංඟාවලියට කණ්ඩායම් අටක් සහභාගී විය.
එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් වන එංගලන්තය,ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,පකිස්ථානය,නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් හය සහ ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාව යන කණ්ඩායම් දෙක පළමු ලෝක කුසලානය සඳහා සහබාගී වූ කණ්ඩායම් අට වේ.
එම කණ්ඩායම් අට, A හා B ලෙස කාණ්ඩ දෙකකට වර්ග කර තිබුනු අතර එම කාණ්ඩ දෙකෙන් අංක 1 හා 2 සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සඳහා සුදුසු කම් ලබා ඇත.
A කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස,එංගලන්තය හා නවසීලන්තය තේරුනු අතර B කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව තේරී තිබුනි.
අවසන් පූර්ව තරඟ වටයේදී,ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් එංගලන්ත කණ්ඩායම පරාජය කල අතර,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් නවසීලන්ත කණ්ඩායම පරාජය කරන ලදි.
ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහ තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින් ක්‍රිකට් පළමු ලෝක ශූරයන් බවට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසානයේ දී B කාණ්ඩයේ ප්‍රසාද ලකුනු සටහනේ අවසාන ස්තානය ලබා තිබුනි.
.....................................................................................
Dates – 7 June - 21 June 1975
Cricket format – Round robin and knockout
Touranment format – ODI (60 overs)
Host(s) – 🏴 England
Runners-up – 🇦🇺 Australia
Matches played – 15
Most runs – 333 (Glenn Turner - 🇳🇿 )
Most wickets – 15 (Gary Gilmour - 🇦🇺 )
Comments
Post a Comment