1908 අගෝස්තු මස 27 වන දින සිඩ්නි නුවර සිට කි.මී.320 ක් නිරිත දෙසින් වන කූටමුන්ද්රා හී 89 ඇඩම්ස් වීදියේ පිහිටි සාත්තු නිවාසයක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් උපත ලැබීය.
බ්‍රැඩ්මන්ගේ පියාද ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ සේ ඇලුම් කළ කෙනෙකි.ඔහු පුංචි බ්‍රැඩ්මන්ව සිඩ්නි ක්‍රීඩාංගනයේ තරඟයක් නැරඹීමට රැගෙන ගියේ බ්‍රැඩ්මන්ට යන්තම් වයස අවුරුදු 13ක් වන විටදීය.
බ්‍රැඩ්මන්, ඔහුගේ පළමු පාසල් ක්‍රිකට් තරඟයේ අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 55ක් රැස් කරන්නෙ පලපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙන් මෙනි.
ඔහුගේ පාසල වන බෝරල් උසස් පාසලේ ජේෂ්ඨයන්ගෙ කණ්ඩායමට ක්‍රීඩාකරන දෙවනි තරඟයේදී ඔහු ලකුණු 115ක් රැස්කරගන්නේ ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු ශතකය ලබා ගනිමින් ය.තවද, එම තරංගයේ පන්දු යැවීම අතින්ද දස්කම් දක්වමින් කඩුළු 8ක් දවාගන්න ලදි.
1927 දෙසැම්බර් 16 වන දින ඇඩිලේඩ් ඕවල් පිටියේදී පළමු පෙල ක්‍රිකට් දිවිය ආරම්භ කරන බ්‍රැඩ්මන් එම තරඟයේදී දකුණු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 118ක් ලබා ගන්නේ ඔහුගේ පළමු තරංගයෙන්ම පළමු ශතකයත් රැස් කරගනිමින් ය.
බ්‍රැඩ්මන්ට වයස 20ක් වන විට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට ඔහුව තෝරාගන්නා ලදි.ඒ 1928 නොවැම්බර් 30 වෙනිදා එංගලන්තය සමග පැවති තරඟයට ය.නමුත් එය බ්‍රැඩ්මන්ගේ ඉතා අවාසනාවන්තම තරඟයකි.
එම මුළු තරඟයටම බ්‍රැඩ්මන් ලබා ගන්නෙ ලකුණු 19 ක් පමණි.ඒ මුල් ඉණිමේ ලකුණු 18ක් හා දෙවෙනි ඉණිමේ ලකුණු 1 ලෙසය.
එම තරඟය ඕස්ට්‍රේලියාව පරදින්නේ ලකුණු 675 වැනි විශාල ලකුණු ප්රමාණයකිනි.
1930 වසරේ පැවති එංගලන්ත සංචාරයේදී ඩොන් බ්‍රැඩ්මන් ලකුණු 236 ක දැබැන්ත ඉණිමක් ලබා ගන්නේ එංගලන්තය තුලදී ද්විත්ව ශතකයක් රැස් කල ලාබාලතම ක්‍රීඩකයා වීමේ වාර්ථාව තමන්ගේ නමට ලියා ගනිමින් ය.
1948 අගෝස්තු 14 වන දින මොහු සිය අවසන් ටෙස්ට් තරඟය පැවතුණි.
මෙම තරඟයේ පළමු ඉනිමේදී බ්‍රැඩ්මන් බින්දුවට දැවී යන්නේ ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ද, 99.94 ක් ලෙස පහත වට්ටමිනි.
කෙසේ වෙතත් එම තරඟය ඉනිමකින් හා ලකුණු 149 කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහනය කලේ මේ අග්‍රගන්‍ය අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාට විශිෂ්ඨ සමු ගැනීමක් ලබා දෙමිනි.
බ්‍රැඩ්මන් ගැන කෙටි විස්තර ටිකක්......
💠 බ්‍රැඩ්මන් වසර 20ක් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත.
💠 සර්' ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ටෙස්ට් මැච් 52ක් තුළ ලකුණු 6996 ලබාගෙන ඇත.
💠 ටෙස්ට් තරංඟයක් තුල බ්‍රැඩ්මන්ගේ වැඩිම ලකුණු වන්නේ 334 වූ අතර පළමු පෙල තරඟයක වැඩිමි ලකුණු වන්නේ ලකුණු 452කි.
💠 බ්‍රැඩ්මන් කෙදිනකවත් ස්ටම්ප් කිරීමකට අසුවී නැත.
💠 1940 දී ලුතිනන් වරයෙකු ලෙස හමුදාවට බැඳුනද,තෙවරක් හයිබ්රොසයිටිස් රෝගය වැළඳීම හේතුවන් සේවයෙන් නිදහස් කරන ලදි.
💠 සර්' ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 21 වන නායකයා ය.
💠 1948 දී ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් බ්‍රැඩ්මන්,ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ විශිෂ්ඨ දායකත්වය හේතුවෙන් නයිට් පදවියක් ලැබුණි.
💠 2001 පෙබරවාරි මස 25 වන දින මේ අති විශිෂ්ඨ පිතිකරුවා අප අතරින් සදහටම සමුගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන නමක් ඉතුරු කරමින් ය.
💠 මිය යන විට වයස 92කි.
💠 ඕස්ට්‍රේලියානු රජය,ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට ගෞරවයක් ලෙස තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත.
💠 ඔහුගේ විශිෂ්ඨත්වය හේතුවෙන් 2009 දී ICC H.O.F ලයිස්තුවට බ්‍රැඩ්මන්ගේ නමත් එකතු කරන ලදි.
Comments
Post a Comment