1975 වසරේ පැවති පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට වන්නේ එංගලන්තයයි. මෙම තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ ප්‍රඩෙන්ෂන් ඇෂුවරන්ස් සමාගම වන අතර,තරංඟාවලියට කණ්ඩායම් අටක් සහභාගී විය. එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් වන එංගලන්තය,ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,පකිස්ථානය,නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් හය සහ ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාව යන කණ්ඩායම් දෙක පළමු ලෝක කුසලානය සඳහා සහබාගී වූ කණ්ඩායම් අට වේ. එම කණ්ඩායම් අට, A හා B ලෙස කාණ්ඩ දෙකකට වර්ග කර තිබුනු අතර එම කාණ්ඩ දෙකෙන් අංක 1 හා 2 සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සඳහා සුදුසු කම් ලබා ඇත. A කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස,එංගලන්තය හා නවසීලන්තය තේරුනු අතර B කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක ලෙස බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව තේරී තිබුනි. අවසන් පූර්ව තරඟ වටයේදී,ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් එංගලන්ත කණ්ඩායම පරාජය කල අතර,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් නවසීලන්ත කණ්ඩායම පරාජය කරන ලදි. ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහ තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින් ක්‍රිකට් පළමු ල
1908 අගෝස්තු මස 27 වන දින සිඩ්නි නුවර සිට කි.මී.320 ක් නිරිත දෙසින් වන කූටමුන්ද්‍රා හී 89 ඇඩම්ස් වීදියේ පිහිටි සාත්තු නිවාසයක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් උපත ලැබීය. බ්‍රැඩ්මන්ගේ පියාද ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ සේ ඇලුම් කළ කෙනෙකි.ඔහු පුංචි බ්‍රැඩ්මන්ව සිඩ්නි ක්‍රීඩාංගනයේ තරඟයක් නැරඹීමට රැගෙන ගියේ බ්‍රැඩ්මන්ට යන්තම් වයස අවුරුදු 13ක් වන විටදීය. බ්‍රැඩ්මන්, ඔහුගේ පළමු පාසල් ක්‍රිකට් තරඟයේ අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 55ක් රැස් කරන්නෙ පලපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙන් මෙනි. ඔහුගේ පාසල වන බෝරල් උසස් පාසලේ ජේෂ්ඨයන්ගෙ කණ්ඩායමට ක්‍රීඩාකරන දෙවනි තරඟයේදී ඔහු ලකුණු 115ක් රැස්කරගන්නේ ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු ශතකය ලබා ගනිමින් ය.තවද, එම තරංගයේ පන්දු යැවීම අතින්ද දස්කම් දක්වමින් කඩුළු 8ක් දවාගන්න ලදි. 1927 දෙසැම්බර් 16 වන දින ඇඩිලේඩ් ඕවල් පිටියේදී පළමු පෙල ක්‍රිකට් දිවිය ආරම්භ කරන බ්‍රැඩ්මන් එම තරඟයේදී දකුණු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 118ක් ලබා ගන්නේ ඔහුගේ පළමු තරංගයෙන්ම පළමු ශතකයත් රැස් කරගනිමින් ය. බ්‍රැඩ්මන්ට වයස 20ක් වන විට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට ඔහුව තෝරාගන්නා ලදි.ඒ 1928 නොවැම්බර්